Archive for June 2015

arduino syntax sinhala tutorials part 3 | ආඩිනෝ රීති ක්‍රම තෙවන කොටස



byte

මෙහි බිට් 8 (8 bit)  සංඛ්‍යාත්මක අගයක් (දශම සංඛ්‍යා හැර)  ගබඩා කිරීමේ හැකියාව පවතී. එනම් දෙකේ පාදයෙන් ගත් විට එහි අගය 256(2^8) එනම් 0 සිට 255 කි. යම් variable එකක් වෙත අගයක් ලබාදිමට අවශ්‍ය යැයි සිතමු එය මෙසේ සිදුකල හැක.

උදා:
byte SL=200;

නමුත්  byte SL=260;  ලෙස සඳහන් කල නොහැක.මක් නිසද යත් එහි ගබඩා කලහැකි උපරිම අගය 0 ත් 255 අතර සංඛ්‍යාවක් පමණි.

int හා short

මෙහි බිට් 16 (16 bit)  සංඛ්‍යාත්මක අගයක් (දශම සංඛ්‍යා හැර) ගබඩා කිරීමේ හැකියාව පවතී. එනම් දෙකේ පාදයෙන් ගත් විට එහි අගය 65536 (2^16) .එහි පරසය -32,768 ත් 32,767 වෙ එනම්  .-32,768 සිට 32,767 අතර සංඛ්‍යාත්මක අගයක් ගබඩා කල හැක. ඉහත සඳන් ලෙසම  යම් variable එකක් වෙත අගයක් ලබාදිමට අවශ්‍ය යැයි සිතමු එය මෙසේ සිදුකල හැක.

උදා:
int SL=25000;
int SL=-25000;

නමුත්  byte SL=32,768;  ලෙස සඳහන් කල නොහැක.මක් නිසද යත් එහි ගබඩා කලහැකි උපරිම අගය -32,767 ත් 32,767 අතර සංඛ්‍යාවක් පමණි. 

unsigned int හා unsigned short

unsigned  අරුත වනුයේ සෘණ ,දශම  නොමැති සංඛ්‍යාවක් යන්නයි පෙර සේම int හා short හි ධරිතාවය 16 (16 bit) කි.නමුත් සෘණ සංඛ්‍යාවක් නොවන නිසා එහි පරාසය 0 ත්  65535 එනම් 0 සිට  65535 අතර සංඛ්‍යාත්මක අගයක් ගබඩා කල හැක

උදා:
unsigned int count= 65535;  
unsigned short count= 65535;  

word

මෙහි බිට් 16 (16 bit)  සංඛ්‍යාත්මක අගයක් (දශම සංඛ්‍යා හැර) ගබඩා කිරීමේ හැකියාව පවතී.මෙය unsigned int ලෙසම ක්‍රියාකරයි. එහි පරාසය 0 ත්  65535 එනම් 0 සිට  65535 අතර සංඛ්‍යාත්මක අගයක් ගබඩා කල හැක

උදා:
word count= 65535; 

long

මෙහි බිට් 32 (32 bit)  සංඛ්‍යාත්මක අගයක් (දශම සංඛ්‍යා හැර) ගබඩා කිරීමේ හැකියාව පවතී. එනම් දෙකේ පාදයෙන් ගත් විට එහි අගය 4294967296  (2^32) .එහි පරසය  -2,147,483,648 ත් 2,147,483,647. වෙ එනම්  . -2,147,483,648 අතර 2,147,483,647. අතර සංඛ්‍යාත්මක අගයක් ගබඩා කල හැක. ඉහත සඳන් ලෙසම  යම් variable එකක් වෙත අගයක් ලබාදිමට අවශ්‍ය යැයි සිතමු එය මෙසේ සිදුකල හැක.
උදා:

long speedOfLight = 186000L;

unsigned long

unsigned  අරුත වනුයේ සෘණ ,දශම  නොමැති සංඛ්‍යාවක් යන්නයි long හි ධරිතාවය 32 (32 bit) කි.නමුත් සෘණ සංඛ්‍යාවක් නොවන නිසා එහි පරාසය 0 ත් 4294967296 එනම් 0 සිට 4294967296 අතර සංඛ්‍යාත්මක අගයක් ගබඩා කල හැක
උදා:
unsigned long volum = 4094567000;

double

මෙහි බිට් 64 (64 bit)  සංඛ්‍යාත්මක අගයක් (දශම සංඛ්‍යා සමග) ගබඩා කිරීමේ හැකියාව පවතී. එනම් දෙකේ පාදයෙන් ගත් විට එහි අගය 18446744073709551616  (2^64) .එහි පරසය  0 ත් 18446744073709551616. වෙ එනම්  . 0 අතර 18446744073709551616. අතර සංඛ්‍යාත්මක අගයක් ගබඩා කල හැක.නමුත් මෙහි ඇති විශේෂත්වය වනේ දශම සංඛ්‍යා ගබඩා කිරීමේ හැකියාවයි නමුත් දශම සංඛ්‍යා ගබඩා කරනේ නම් පමනක් digit 15 ක  
සංඛ්‍යාවක් ගබඩා කලහකි .ඉහත සඳන් ලෙසම  යම් variable එකක් වෙත අගයක් ලබාදිමට අවශ්‍ය යැයි සිතමු එය මෙසේ සිදුකල හැක.

උදා:
double counterVal=18446744073709551610;
double ErrorVal=11.0215542125154

float

මෙහි බිට් 32 (32 bit)  සංඛ්‍යාත්මක අගයක් (දශම සංඛ්‍යා සමග ) ගබඩා කිරීමේ හැකියාව පවතී. එනම් දෙකේ පාදයෙන් ගත් විට එහි අගය 4294967296 (2^32) .එහි පරසය  -3.4028235E+38 ත් 3.4028235E+38. නමුත් මෙහි ඇති විශේෂත්වය වනේ දශම සංඛ්‍යා ගබඩා කිරීමේ හැකියාවයි නමුත් දශම සංඛ්‍යා ගබඩා කරනේ නම් පමනක් digit 7 ක  සංඛ්‍යාවක් ගබඩා කලහකි .ඉහත සඳන් ලෙසම  යම් variable එකක් වෙත අගයක් ලබාදිමට අවශ්‍ය යැයි සිතමු එය මෙසේ සිදුකල හැක.

උදා:
float myfloat;
float sensorCalbrate = 1.117;





අවසරයකින් තොරව මෙම බ්ලොගයේ පාඩම් මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන් පිටපත් කිරීම, නැවත පළ කිරීම තහනම්ය. සියලුම හිමිකම් ඇවිරිණි.

Copying, reposting of lessons from this blog in printed or digital form without permission is prohibited. All rights reserved. written by Rangana Tennakoon.© 2015

2015/06/12
Posted by arduino srilanka

Popular Post

Copyright © arduino sri lanka